රැකියාවේදී, නිවසේදී හෝ පොදු ස්ථානවලදී උස සහ බර ආදී වශයෙන් යමෙකුගේ පුද්ගලිකත්වය මත ඔහු හෝ ඇය විවේචනයට ලක්කිරීම වළක්වමින් ඇමෙරිකාවේ නිව්යෝක් නගරාධිපතිවරයා නව නීතියකට අත්සන් කර තිබේ.
විශේෂයෙන්ම පුද්ගලයෙකුගේ සිරුරේ ස්වභාවය අනුව ඔහු සෞඛ්‍ය සම්පන්නද නැද්ද යන්න පැහැදිලි නොවන බව විද්‍යාවද තහවුරු කර ඇති බැවින් මෙවැනි නීතියක් වැදගත් බව නගරාධිපතිවරයා සඳහන් කර ඇත.
මෙම නව නීතියට පුද්ගලයෙකුගේ ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, වයස සහ ලිංගිකත්වය ආදී කරුණුද ඇතුළත් කිරීමේ වැදගත්කම ගැන නිව්යෝක් මානව හිමිකම් කොමිසමද සලකා බලමින් සිටී.