ඡන්දදායකයින් බිය ගැන්වීම්, ප්රචණ්ඩත්වයේ තර්ජන, හිරිහැර කිරීම් සහ බලකිරීම් පිළිබඳ වාර්තා මධ්‍යයේ සිම්බාබ්වේ මැතිවරණ නිරීක්ෂකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කනස්සල්ල පළකර තිබේ.
සියලු ආකාරයේ ප්රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන ලෙසත් මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙසත් ඔහු දේශපාලන නායකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත.
ස්ථාපිත නෛතික සහ ආයතනික මාර්ග හරහා ඕනෑම ආරවුලක් සාමකාමීව විසඳා ගන්නා ලෙස මහලේකම්වරයා දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, ඕනෑම ආරවුල් සාධාරණ, කඩිනම් සහ විනිවිදභාවයකින් විසඳන ලෙස නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත්, මෙවර මැතිවරණයෙන් 52.6% ක ඡන්ද ප්‍රතිශතයකින් වත්මන් ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා ජයග්‍රහණය කළ බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
එහෙත් විපක්ෂයද තමන් ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කළ අතර, පුළුල් ඡන්ද මංකොල්ලයක් සිදු වූ බව පැවසීය. එසේම මැතිවරණ නිරීක්ෂකයෝ ප්‍රකාශ කළේ ඡන්දයේ ප්රජාතන්ත්රවාදී ප්රමිතීන් වඩා අඩු බවය.