පැය 72ක සටන් විරාමයක් බොහෝ දුරට පැවතියද සුඩානයේ සමහර ප්‍රදේශවල සටන් දිගටම පවතින බව විදෙස් වාර්තා පවසයි.
ඛාට්රොම් අගනුවරට යාබද නගරය වන ඔම්ඩුර්මන් සිට දුරකථනයෙන් කතා කරමින් බී.බී.සී. මාධ්‍යවේදී මොහොමඩ් ඔස්මාන් පවසන්නේ රූපවාහිනී සහ ගුවන් විදුලි ගොඩනැගිලි අසල සටන් ඇති වූ බවයි.
මේ වනවිට රට තුළ ඉන්ධන නොමැති අතර වෛද්‍යවරුන්ගේ හිඟයක්ද පවතී. මුදල් සපයා ගැනීමට මෙන්ම, ආහාර සොයා ගැනීමට ජනතාව දැඩි වෙහෙසක් දරමින් සිටින බවද එම වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.
සිකුරාදා අවසන් වීමට නියමිත සටන් විරාමය පැය 72කින් දීර්ඝ කිරීමට සුඩාන හමුදා ප්‍රධානියා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන් විසින් කලාපීය අප්‍රිකානු කණ්ඩායම සංවර්ධනය පිළිබඳ අන්තර් රාජ්‍ය අධිකාරියේ යෝජනාවට මූලික අනුමැතිය ලබා දුන් බව රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කරයි.
විස්තර සාකච්ඡා කිරීම සඳහා දකුණු සුඩානයේ ජුබා වෙත සුඩාන හමුදාවේ සහ ප්‍රතිවාදී හමුදා කණ්ඩායම වන RSF නියෝජිතයන් යැවීමට යෝජනා කර තිබේ.
මේ අතර, ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට සුඩානයෙන් තම ජනතාව ඉවත් කරමින් සිටී.