එක්සත් ජනපදයේ, නැගෙනහිර වර්ජිනියාවේ වෝල්මාට් වෙළෙඳසැලක් තුළ වෙඩික්කරුවෙකු සිදුකළ ප්රහාරයකින් මරණ 6ක් සහ සැලකිය යුතු තුවාලකරුවන් සිටින බව පොලීසිය තහවුරු කර තිබේ.
චෙසපීක් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙකු වාර්තාකරුවන්ට පැවසුවේ, පොලීසියට වෙඩි තැබීමක් ගැන ඇමතුමක් ලැබුණේ ප්රාදේශීය වේලාවෙන් රාත්රී 10.00න් පසුව බවය.
"අපි විශ්වාස කරන්නේ එය තනි වෙඩික්කරුවෙකු සිදුකළ ප්රහාරයක් බවයි. වෙඩික්කරු මිය ගොස් ඇති බව අපි විශ්වාස කරනවා" ඔහු වැඩිදුරටත් පැවසුවේ, තුවක්කුකරු තමාටම වෙඩි තබා ගැනීමෙන් මිය ගියේද යන්න තවමත් තහවුරු කර නොමැති බවය.