වෙනිසියුලාවේ ලාස් ටෙජේරියාස් ආශ්‍රිතව ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමග ඇතිවූ නායයෑම් හේතුවෙන් වීදි සම්පූර්ණයෙන්ම රොන්මඩවලින් වැසී තිබේ.
මේ වනවිට මුදාගැනීමේ කණ්ඩායම් එම රොන් මඩ යට වැළලී ගිය සිරුරු සෙවීමේ කටයුතු පුළුල් කිරීමට කටයුතු යොදා ඇත.
වෙනිසියුලානු උප ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් පැවසුවේ දරුණු ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 43ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, ජනාධිපති නිකොලස් මදුරෝ මීට පෙර රාජ්‍ය රූපවාහිනියෙන් ප්‍රකාශ කළේ 100ක් පමණ මිය ගොස් 56ක් තවමත් අතුරුදන් වී ඇති බවයි.