ඇමෙරිකාවේ, ඇලබාමා ප්රාන්තයේ උපන්දින සාදයක් අතරතුර සමූහ වෙඩි තැබීමක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධව සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආරක්ෂක අංශ පවසන්නේ අත්අඩංගුවට ගත් පිරිස අතර නව යොවුන් වියේ දෙදෙනෙකුද වන බවයි. ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කෙරෙන බවද සඳහන් වෙයි.
පසුගිය සෙනසුරාදා මෙම අවාසනාවන්ත වෙඩි තැබීම සිදුවූ අතර, සිද්ධියෙන් පුද්ගලයන් සිව්දනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් පිරිසක් තුවාල ලැබීය. තුවාල ලැබූවන්ගෙන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් වේ.