යුක්රේනය භූමිය අත්හැරීමට සූදානම් නැති අතර, අවශ්‍ය නම් වසර 10ක් වුවත් රුසියාවට එරෙහිව සටන් කිරීමට සූදානම් බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ.
මේ වනවිටත් ඩොන්බාස් හි බලය රුසියාව වෙත නතුවෙමින් පවතින බව පිළිගනිමින්, එය නැවත අල්ලා ගැනීම සම්බන්ධයෙන් ඔහු මෙහිදී අදහස් දක්වා ඇත්තේ යුක්රේන හමුදාවන්ට යටත්වන ලෙස රුසියාව පවසා ඇති පසුබිමකය.
යුක්රේනයට හේතු ගණනාවක් නිසා ඩොන්බාස් සඳහා සටන ඉතා වැදගත් බව පැවසූ යුක්රේන නායකයා, මුළු යුද්ධයේ ගමන් මගට එය බලපෑ හැකි බව පැවසීය. කෙසේ වෙතත් ගැටුමට වඩා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් වඩාත් සුදුසු බවද ඔහු අවධාරණය කළේය.
"අපට අපගේ භූමිය අත්හැරිය නොහැකයි. නමුත් අපි රුසියාව සමග යම් ආකාරයක සංවාදයක් සොයා ගත යුතුයි" සෙලෙන්ස්කි පැවසීය.
එහිදී, තම රටට වසර දහයක් රුසියානු සමූහාණ්ඩුව සමඟ සටන් කළ හැකි යැයි ඔහු කියා සිටියද, තවත් මරණ වැළැක්වීම සඳහා සංවාදයක් අවශ්‍ය බව සෙලෙන්ස්කි පැවසීය.