යුක්රේනයේදී උපායමාර්ගිකව රුසියාව වෙත දැඩි අලාභානි එල්ලවී ඇති අතර, ඔවුන් මේ වනවිට රැඳී සිටින්නේ චීනයේ පිහිටෙන් බව ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් පවසයි.
ඒ අනුව, ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ඕනෑම යුරෝපීය ආරක්ෂක කඳවුරක් රුසියාව මෙන්ම, රුසියාව සමග සිටගන්නා අයගෙන් ඇති බලපෑම ගැනද අවධානයෙන් පසුවිය යුතු බවයි.
රුසියාව කිසිවිටෙකත් යුක්රේනයේදී යුද ජයග්රහණයක් නොලබන බව අවධාරණය කළ ප්රංශ නායකයා, යුරෝපා ආරක්ෂක කඳවුර යුක්රේනය වෙත සම්පූර්ණ ආරක්ෂාව සපයන බවද අවධාරණය කළේය.