පසුගිය වසරේ තමා අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයේදී පුද්ගලයන් හය දෙනෙකු ඝාතනය කර තවත් 20දෙනෙකුට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ රුසියානු ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කරන ලෙස අභිචෝදකයින් ඉල්ලා සිටියේය. මීට පෙර මෙම නඩු විභාගයේදී චෝදනාවලට ඔහු වරද පිළිගත්තේය.
මොස්කව් සිට කිලෝමීටර් 1,150ක් පමණ නැගෙනහිරින් පිහිටි පර්ම් නගරයේ පිහිටි දිස්ත්‍රික් උසාවියේ බෙක්මන්සුරොව්ට එරෙහිව අධිකරණ ක්‍රියාදාම සිදුවෙමින් පවතී. ඔහුට චෝදනා එල්ල වී ඇති අපරාධ සිදු වූයේ 2021 සැප්තැම්බර් මාසයේදී ඔහු පළමු වසරේ ශිෂ්‍යයෙකු වූ පර්ම් රාජ්‍ය විශ්ව විද්‍යාලයේදීය.
වෙඩි තැබීම සිදු වනවිට 16 හැවිරිදි වියේ පසුවූ බෙක්මන්සුරොව්, අහඹු ලෙස එහි සිටි මිනිසුන් මරා දැමීමේ අරමුණින් විශ්වවිද්‍යාලය වෙතට ගිනි අවි රැගෙන ආ බවට චෝදනා එල්ල වී ඇත. තමාගේ සහ අනෙකුත් මිනිසුන්ගේ වෛරයෙන් ඔහු මෙම ඝාතනයට පෙලඹී ඇති බව පැවසේ.