නව කොරෝනා වෛරස් අර්බුදය හේතුවෙන් යුරෝපයේ ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය සැලකිය යුතු ලෙස අඩුවීමක් පෙන්නුම් කරමින් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය නව ඡායාරූපයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම ඡායාරූපයට දත්ත පදනම් වී ඇත්තේ කොපර්නිකස් සෙන්ටිනල්-5P චන්ද්‍රිකාව විසින් කරන ලද නිරීක්ෂණ මත වන අතර, මීට වසරකට පෙර සාමාන්‍ය සාන්ද්‍රණයන්ට සාපේක්ෂව පැරිස්, මිලාන් සහ රෝමය පුරා නයිට්රජන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ මට්ටම්වල කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කර ඇත.
ගල් අඟුරු, තෙල්, ගෑස් හෝ ඩීසල් වැනි පොසිල ඉන්ධන දහනය කරන විට නයිට්රජන් ඩයොක්සයිඩ් සෑදෙන අතර, දින 10ක් පුරා ගොනුකළ දත්ත ඇසුරෙන් මෙම ඡායාරූපය ප්‍රකාශයට පත්කර තිබේ.