නීති බලාත්මක කිරීමේ සම්බන්ධීකරණ වැටලීම් මාලාවකින් පසුව යුරෝපා සංගමයේ පැතිරුණු කොකේන් “සුපිරි කාටලය” හසුකර ගෙන ඇති බව යුරෝපෝල් නිවේදනය කරයි.
‘Operation Desert Light’ ලෙස නම් කර ඇති මෙම වැටලීම් නොවැම්බර් 8දා සහ 19දා අතර කාලය තුළ ස්පාඤ්ඤය, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) යන රටවල සිදු කරන ලදී.
අදාළ රටවල නීතිය ක්‍රියාත්මක කරන ආයතන, එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලනය (DEA) සහ යුරොපෝල් සම්බන්ධ වූ මෙම මෙහෙයුම බහුවිධ සමාන්තර පරීක්ෂණවල කූඨප්රාප්තිය බව ජාත්‍යන්තර ඒජන්සිය සඳහන් කළේය.
“මෙම විමර්ශනයේදී සැකකරුවන් 49දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුරෝපෝල් විසින් ඉහළ වටිනාකමක් ඇති ඉලක්ක ලෙස සලකනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ එකතුව මෙලෙස 'සුපිරි කාටලය' ලෙස හඳුන්වනු ලබනවා" ඒජන්සිය පැවසීය.
යුරෝපෝල් විසින් මෙහෙයුමේ කෙටි වීඩියෝවක් නිකුත් කර ඇති අතර, වැටලීම් අතරතුර ගත් නිශ්චල දර්ශන ඇතුළත් වේ. අධි සුඛෝපභෝගී වාහන, විශාල මුදල් ප්‍රමාණයක්, මත්ද්‍රව්‍ය, ආයුධ සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් වෙනත් සාක්ෂි දර්ශනවල දැක්වේ.