යුක්රේනය සන්නද්ධ කිරීමට එක්සත් ජනපදයේ හදිසිය, චීනය සමග ඇති විය හැකි ගැටුමට එරෙහිව තායිවානය එකවර සන්නද්ධ කිරීමට වොෂිංටනයට ඇති හැකියාවට බාධා කරමින්, වසර ගණනාවක් වටිනා ආයුධ තොග නිකරුණේ පිළිස්සී ඇති බවට එරට නීති සම්පාදකයන් චෝදනා කරයි.
"අපගේ තොග ප්‍රමාණය අනුව අපි පහත වැටෙමින් සිටිනවා. අපි අනවශ්‍ය ලෙස ආයුධ තොග පුළුස්සා තිබෙනවා. අපි යුක්රේනයේ යුක්රේනියානුවන්ට ජයග්‍රහණය කිරීමට දිගටම උදව් කරන විට පමණක් මෙය වැදගත් වන්නේ නැහැ. මොකද චීන කොමියුනිස්ට් පක්ෂයේ ආක්රමණවලින් තායිවානය ආරක්ෂා කිරීමට අප උත්සාහ කරන විටත් ආයුද ලබාදීම වැදගත් වෙනවා." මයික් ගැලගර් පැවසීය.
"දැන් යුක්රේනයටත් මෙම එකම ආයුධ පද්ධති සඳහා ප්‍රවේශය තවදුරටත් අවශ්‍ය වී තිබෙනවා. නමුත්, අපි යුක්රේනයේ වියදම් කළ දේ නැවත පිරවීම සඳහා දැනට අපට තොග නොමැති බවද සඳහන් කළ යුතුයි" ඔහු තවදුරටත් පැවසීය.