යුක්රේන ආර්ථික උපදේශක ඔලේ උස්ටෙන්කෝ යුද ගැටුම විසින් නිර්මානය කර ඇති අයවැය හිඟය පියවා ගැනීම සඳහා G7 රටවලින් ඇ.ඩො.බිලියන 50ක මූල්‍ය ආධාරයක් ඉල්ලා තිබේ.
මේ අතර, ලෝක බැංකුවද යුක්රේනය සඳහා ඇ.ඩො.බිලියන 1.5ක ආධාරක පැකේජයක් සූදානම් කර තිබේ.
එක්සත් ජනපදය සහ නේටෝවද යුක්රේනය වෙත ඩොලර් බිලියන ගණනාක් දැනටමත් ලබාදී ඇත. නමුත් ඒ මුදල්වලට වඩා හුමදා ආධාර ලෙසිනි.
බයිඩන් පරිපාලනය පසුගිය සතියේ තවත් ඇ.ඩො.මිලියන 800ක් ආයුධ, පතොරම් සහ කාලතුවක්කු පද්ධති, සන්නද්ධ වාහන සහ හෙලිකොප්ටර් ඇතුළු අනෙකුත් හමුදා ආධාර අනුමත කළේය.
එය පැමිණෙන්නේ පසුගිය මාර්තු 16දා වොෂිංටනය ඇ.ඩො.මිලියන 800ක ගුවන් යානා නාශක පද්ධති, ගිනි අවි, උණ්ඩ සහ ශරීර සන්නාහ කියෙව් වෙත යවා මාසයකටත් අඩු කාලයකට පසුවය.
කෙසේ වෙතත්, බළලුන් ලවා කොස්ඇට බෑවීමට දක්ෂ ඇමෙරිකාව, කියෙව් ජනතාවගේ කුසගින්න නිවීමට වඩා, යුද්ධය අවුලුවා රුසියාවට වැඩි හානියක් කිරීමට මේ සියලු යුධ ආධාර මූලික කරගෙන ඇති බවද විචාරකයෝ පෙන්වා දෙති.