යුක්රේනය සඳහා තවත් ඇ.ඩො.මිලියන 325ක යුද ආධාර සැපයීමට එක්සත් ජනපදයේ ජෝ බයිඩන් පාලනය තීරණය කර තිබේ.
HIMARS කාලතුවක්කු පද්ධතියට අවශ්‍ය පතොරම්, වැඩිදියුණු කළ මිසයිල පද්ධති සහ යුද ටැංකි නාශක බිම් බෝම්බ මෙම යුද ආධාර තොගයට ඇතුළත් බව පැවසෙයි.
රුසියාවට එරෙහිව සටන් වදින යුක්රේන හමුදා ශක්තිමත් කිරීම සඳහා මීට පෙරද අවස්ථා කිහිපයකදී ඇමෙරිකාව සිය යුද ආධාර ලබාදීම සිදුකර තිබේ.