චීනයේ නිෂ්පාදිත පළමු වැනි මගී ගුවන් යානය C919 සිය ප්‍රථම ගුවන් ගමන ලෙස සාර්ථකව නිමා කර ඇති බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.
ජාත්‍යන්තර ගුවන් මාර්ගෝපදේශවලට අනුකූලව සහ ස්වාධීන පේටන්ට් අයිතීන් සමග නිපදවා ඇති මෙම යානය මගී ගුවන් යානා නිෂ්පාදන ක්ෂේත්රයේ බෝයිං සහ එයාර්බස් යන සමාගම්වලට ප්‍රබල තරගයක් ලබාදෙනු ඇත.
සිය මංගල ගුවන් ගමනේදී චීනයේ බීජිං සහ ෂැංහයි දක්වා සාර්ථක ගුවන් ගමනකට එක්වූ මෙම යානය චයිනා ඊස්ටන් ගුවන් සේවයට අනුයුක්තව පියාසැරිය සිදුවිය.
මෙම මංගල ගුවන් ගමන සඳහා විශේෂ පිරිසක් සහභාගී වූ අතර, මාධ්‍ය සඳහාද ඒ වෙනුවෙන් විශේෂ අවස්ථාවක් ලබාදී තිබුණි.