බ්රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ පරාජය වූ මැතිවරණයේදී භාවිත කළ විද්යුත් ඡන්ද යන්ත්රවලින් අඩකට වඩා වැඩි ප්රමාණයක ප්රකාශ කරන ලද සියලුම ඡන්ද අවලංගු කරන ලෙසට ඔහු සිය නීතීඥයන් මාර්ගයෙන් එරට මැතිවරණ අධිකාරියෙන් ඉල්ලා තිබේ.
අඟහරුවාදා ගොනු කරන ලද පැමිණිල්ලක දී, බොල්සොනාරෝගේ ලිබරල් පක්ෂය ඔක්තෝබර් 30දා පැවති ප්රතිඵලය ප්රශ්න කළේය. එම මැතිවරණයෙන් බ්රසීලයේ හිටපු නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයගැනීම හමුවේ බොල්සොනාරෝ පරාජය පිළිගැනීමට කැමැත්තක් නොදක්වමින් සිටී.
බොහෝ බ්රසීල ජාතිකයන් විසින් 'ලූලා' ලෙස හඳුන්වනු ලබන වාමාංශික දේශපාලනඥයෙකු වූ හිටපු ජනාධිපති ද සිල්වා නිල වශයෙන් ජයග්රාහකයා ලෙස ප්රකාශයට පත් කරනු ලැබුවේ වත්මන් ජනාධිපතිවරයා ලබාගත් ඡන්ද ප්රතිශතය වූ 49.1%ට සාපේක්ෂව 50.9%ක සුළු පරතරයකිනි.
කෙසේ වෙතත්, අදාළ සියලු ඡන්ද අවලංගු කළහොත්, ඉතිරි වලංගු ඡන්දවලින් 51% කින් බොල්සොනාරෝ නැවත තෝරාපත් කර ගැනීම ඔවුන්ගේ වෑයම වී ඇත.