මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් සමග අනියම් ඇසුරක් පැවැත්වූයේ යැයි කියන රුසියානු යුවතියක, ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගැනුණු රුසියානු රහස් ඔත්තුකරුවෙකු සමග සබඳතා පවත්වා තිබේ.
කාඩ් ක්‍රීඩාවේ නිරත යුවතියක වන මිලා ඇන්ටනෝවා වර්ෂ 2009 දී බිල් ගේට්ස් සමග සබඳතාවක් පවත්වා ඇති අතර, ඔවුන් නිව්යෝක් නුවර එක්ව ගමන් කරන ඡායාරූපයක්ද අනාවරණය වී තිබුණි.
එහිදී ඇය බිල් ගේට්ස් වෙතින් මූල්‍ය වරප්‍රසාද බලාපොරොත්තුවෙන් මෙම ඇසුර පවත්වා ඇත. කෙසේ වෙතත් ඇගේ මිතුරියක වන ඇනා චැප්මන් හිටපු කේ.ජී.බී. නිලධාරියෙකුගේ දියණියක මෙන්ම රහස් ඔත්තුකරුවෙකු ලෙස හඳුනාගැනීම තුළ බිල් ගේට්ස් රුසියානු ඔත්තුකරුවන්ගේ උගුලක සිරවී සිට ඇති බව කියැවේ.