බලශක්ති මිල ගණන් ඉහළ යෑම සහ සංක්‍රමණික සේවකයන් හිඟවීම යන කාරණා හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පලතුරු සහ එළවළු නිෂ්පාදකයන් දැඩි අර්බුදයකට ලක්ව සිටී.
එංගලන්තයේ දකුණුදිග කෙන්ට් පළාත අතීතයේ සිටම හැඳින්වූයේ එංගලන්තයේ උද්‍යානය යන නමිනි. කෙන්ට් පලතුරු වගාවට ප්‍රසිද්ධියක් ඉසිලීම ඊට හේතුවයි.
යුක්රේන යුද ගැටුම් සමග යුරෝපා කලාපයේ බලශක්ති හිඟයක් පවතින අතර, මෙය එම රටවල ආර්ථිකයන්ට දැඩි ලෙස බලපෑමක් කර තිබේ.