පෝලන්තයේ ප්රධාන විපක්ෂයේ පක්ෂ එකතුව මෙවර එරට අග්රාමාත්ය ධුරය තමන් වෙත ලබාගැනීම සඳහා ඡන්ද සටනට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, ඔවුන්ගේ අගමැති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ටස්ක් නම් කර ඇති බව එරට විපක්ෂයේ පක්ෂ සඳහන් කරයි.
පෝලන්ත ජනාධිපති අන්ඩ්රේස්ජ් ඩූඩා සමග සිදුකළ සාකච්ඡා වට කිහිපයකින් පසුව තමන් අවසන් තීරණයකට පැමිණ තම අපේක්ෂකයා ඉදිරිපත් කළ බවද එම සන්ධානය පවසා සිටියි.