දිනකට පියවර 10,000ක් ඇවිදීමෙන් මිනිසුන්ට ඩිමෙන්ෂියාව වැලඳීමේ සම්භාවිතාව 50%කින් අඩුකර ගත හැකි බව නව අධ්‍යයනයකින් අනාවරණය වෙයි.
නිතිපතා ව්‍යායාම කිරීම ශාරීරිකව සහ මානසිකව එහි සර්ව සම්පූර්ණ සෞඛ්‍ය ප්රතිලාභ සඳහා ප්‍රකට කරුණකි. නමුත් දැන් ප්‍රථම වතාවට උපරිම ප්රතිලාභ ලබා ගැනීම සඳහා පුද්ගලයෙකු දිනකට කොපමණ පියවර ප්‍රමාණයක් ඇවිද යා යුතුද යන්න මෙහිදී ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මෙම අධ්‍යයනය සඳහා වැඩිහිටියන් 78,500ක් (වයස අවුරුදු 40 සිට 79 දක්වා) සම්බන්ධ කරගෙන තිබුණි. එය මිනිසුන්ගේ ඇවිදීම සහ සෞඛ්‍ය ප්රතිලාභ අතර සම්බන්ධතාව සොයා බලන විශාලතම අත්හදා බැලීම බවට පත් විය.
දිනකට පියවර 10,000ක් ඇවිදීමෙන් ඩිමෙන්ෂියාව, හෘද රෝග, පිළිකා සහ මරණ අවදානම අඩු බව සිඩ්නි සහ දකුණු ඩෙන්මාර්කයේ විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් අනාවරණය කළේය. එහිදී වේගවත් පියවර ගැනීම වැදගත් බවද සඳහන් විය.
ඒ අනුව යම් අයෙකු පියවර 9,800ක් ඇවිද ගියහොත් ඔවුන් ඩිමෙන්ෂියාව වැළඳීමේ අවදානම 50%කින් අඩු කරන අතර, 3,800 ක් වැනි සුළු ප්‍රමාණයක් ගැනීමෙන් අවස්ථා 25%කින් අඩු වේ.