විශ්වාසභංගයෙන් පරාජයට පත්වී බලයෙන් පහකළ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් එරට තත්ත්වය තවදුරටත් අස්ථාවර කරනු ඇතැයි බියෙන් විරෝධතා පාගමනක් නතර කිරීමට තීරණය කළ බව නිවේදනය කර තිබේ.
මෙම මස මුලදී ඝාතන තැතකින් තුවාල ලැබීමෙන් පසු ඔහු ප්රසිද්ධියේ පෙනී සිටි පළමු වැනි අවස්ථාව එය විය.
සෙනසුරාදා රාවල්පිණ්ඩි නගරයේ ආධාරකරුවන් අමතමින් හිටපු අගමැතිවරයා කියා සිටියේ, ඉස්ලාමාබාද් නොයන්නට තීරණය කළේ විනාශයක් සිදුවී, ඉන් රටට පාඩුවක් සිදුවිය හැකි බව තමා දන්නා නිසා බවය.
ඛාන් වෝකර් එකක් භාවිත කර වෙඩි නොවදින වීදුරුව පිටුපස සිට සිය කතාව පැවැත්වීය. ඔහු සිය ආධාරකරුවන්ට පැවසුවේ ඔහුගේ ජීවිතය තවමත් අවදානම් මට්ටමක පවතින බවට බහුවිධ ආරක්ෂක අංශ තමාට අනතුරු අඟවා ඇති බවයි.