පකිස්ථානයේ නව අගමැති ෂෙහ්බාස් ෂරීෆ් ජම්මු සහ කාශ්මීර ප්‍රදේශ සම්බන්ධයෙන් දිගුකාලීන ආරවුලක් මෙන්ම ඉස්ලාමාබාද් සහ නවදිල්ලිය අතර සබඳතාවයට බලපාන අනෙකුත් ගැටලු අවසානයේ විසඳන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබේ.
"අපේ ජනතාවගේ සහ කලාපයේ ප්‍රගතිය සහ සමාජ ආර්ථික උන්නතිය සඳහා පාකිස්තානය සහ ඉන්දියාව අතර සාමකාමී සහ සහයෝගී සබඳතා අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරනවා" ෂරීෆ් පවසා ඇත.
එවැනි මට්ටමකට සබඳතා ගෙන ඒම සඳහා ජම්මු සහ කාශ්මීරයේ මූලික ප්රශ්නය ද ඇතුළුව, පවතින සියලුම ආරවුල් පිළිබඳ අර්ථවත් මැදිහත්වීමක් සහ සාමකාමී විසඳුමක් අවශ්‍ය බව ඔහු පැවසීය.
පාකිස්තානය කලාපීය සාමය පවත්වා ගැනීමට කැපවී සිටින බව අවධාරනය කළ ෂරීෆ්, ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඉස්ලාමාබාද් රජයේ දායකත්වය හොඳින් දන්නා සහ ගෝලීය වශයෙන් පිළිගෙන ඇති එකක් බවද පැවසීය.
වසර ගණනාවක් පුරා, ඉස්ලාමාබාද් සහ නව දිල්ලිය එකිනෙකාගේ භූමිය තුළ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහයෝගය දැක්වීමේ චෝදනා සමග එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගත්තේ, අවසානයක් නොමැති ආරවුලක් ඉතිරි කරමිනි.