තායිවානයේ ප්රදේශීය මැතිවරණ පරාජය සමග එරට ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තායිවාන ජනාධිපතිනී සායි ඉන් වෙයි තීරණය කර තිබේ.
ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී පක්ෂය එරට පාලක පක්ෂය ලෙස කටයුතු කරන අතර, මෙවර ප්රදේශීය මැතිවරණයෙන් එම පක්ෂයට දරුණු පරාජයක් හිමිවිය.
විශේෂයෙන්ම ජනාධිපතිනී සායි ඉන් වෙයි සහ ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී පක්ෂය චීන විරෝධී ප්රතිපත්තියක් අනුගමනය කරන පසුබිමක ඔවුන්ට මෙම පරාජය හිමිවී තිබේ.
කෙසේ වුවත්, පක්ෂ නායකත්වයෙන් ඉවත් වුවද, ජනාධිපති ධුරයේ තවදුරටත් සිටීමට සායි ඉන් වෙයි කැමැත්ත පළ කර තිබේ. ඒ රට අස්ථාවර වීම වැළැක්වීම සඳහා කැබිනට් මණ්ඩලය කළ ඉල්ලීමක්ට අනුව බව කියැවෙයි.
මෙම ප්රාදේශීය මැතිවරණය පැවැත්වූයේ ප්රාන්ත ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙනි.
චීනය සම්බන්ධයෙන් ලිහිල් ප්රතිපත්තියක් අනුගමනය කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම් මෙසේ මැතිවරණය ජයග්රහණය කර ඇත.