ප්‍රංශයේ රජයේ පාසල්වල ඇතැම් මුස්ලිම් කාන්තාවන් අඳින අබයා හෙවත් ලිහිල් සම්පූර්ණ දිග ගවුම හැඳ පාසල වෙත පැමිණීම තහනම් කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
සැප්තැම්බර් 4 වැනි දින නව පාසල් වාරය ආරම්භ වූ වහාම නීතිය ක්‍රියාත්මක කෙරේ.
ප්‍රංශයේ රජයේ පාසල්වල සහ රජයේ ගොඩනැගිලිවල ආගමික සලකුණු දැඩි ලෙස තහනම් කර ඇති අතර, ඒවා ලෞකික නීති උල්ලංඝනය කරන බවට පෙන්වා දෙයි.
2004 වසරේ සිට රජයේ පාසල්වල හිස් ආවරණය පැළඳීමද තහනම් කර ඇත.
"ඔබ පන්ති කාමරයකට යන විට, සිසුන් දෙස බලා ඔවුන්ගේ ආගම හඳුනා ගැනීමට ඔබට නොහැකි විය යුතුයි" අධ්‍යාපන අමාත්‍ය ගේබ්‍රියෙල් ඇටල් ප්‍රංශයේ TF1 රූපවාහිනියට පැවසීය. "පාසල් තුළ අබායා තවදුරටත් පැළඳිය නොහැකි බව මා තීරණය කළා."
මෙම පියවර ගෙන ඇත්තේ ප්‍රංශ පාසල්වල අබායා හැඳීම සම්බන්ධයෙන් මාස ගණනාවක විවාදයකින් පසුවය.