ගැබෝන් රාජ්‍යයේ බලය අල්ලා ගැනීමෙන් පසුව නිවාස අඩස්සියේ සිටි හිටපු ජනාධිපතිවරයා මේ වනවිට නිදහස් කර ඇති බව එරට හමුදාව නිවේදනය කරයි.
අල් බොන්ගෝ මේ ආකාරයෙන් නිවාස අඩස්සියට පත්වූ අතර, ඔහුට මෙම නිදහසත් සමග අවශ්‍ය නම් සෞඛ්‍ය පරීක්ෂාවන් වෙනුවෙන් විදේශගත වීමටද අවසර ලබාදී ඇති බව හමුදාව පවසයි.
2023 ජනාධිපතිවරණය අල් බොන්ගෝ ජයග්‍රහණය කිරීමත් සමග එරට හමුදාව විසින් රටේ බලය අල්ලාගනු ලැබුවේ දශක කිහිපයක් බොන්ගෝ පවුල රටේ දේශපාලනය මෙහෙයවීම හේතුවෙනි.
කෙසේ වෙතත්, 2018 වසරේදීද හෘදයාබාධයකට ලක්ව සිටි බොන්ගෝගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට මෙම නිදහස ලබාදෙන බව හමුදාව පවසා තිබේ.