එක්සත් ජනපද, නිව්යෝක් නගරයේ උමං මාර්ගයේදී පුද්ගලයින් 23දෙනෙකුට තුවාල සිදුකරමින් පසුගිය අප්‍රේල් 12දා සිදුකර තිබූ වෙඩි තැබීම් සහ දුම් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුට ත්‍රස්තවාදය සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් එරට ජූරි සභාවක් චෝදනා ගොනුකර තිබුණි.
නිව්යෝක් හි නැගෙනහිර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ අධිචෝදනා පත්‍රයට අනුව 62 හැවිරිදි ෆ්රෑන්ක් ජේම්ස්ට ත්‍රස්තවාදී ප්‍රහාරයක් සහ ප්‍රධාන ප්‍රවාහන පද්ධතියකට එරෙහි ප්රචණ්ඩත්වය දියත් කිරීම මෙන්ම, ප්‍රචණ්ඩකාරී අපරාධයක් අතරතුර ගිනි අවියක් මුදා හැරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර ඇත.
ඒ අනුව, ත්‍රස්තවාදී චෝදනාවට වරදකරු වුවහොත් ජේම්ස්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය හැකි බව එක්සත් ජනපද අධිකරණ වාර්තා පෙන්වා දෙයි.