නයිජීරියාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ බෝලා අහ්මඩ් ටිනූබූ එරට ජනාධිපති මන්දිරයේදී සිය ධුරයේ වැඩ භාරගැනීම සිදුවිය.
මෙම උත්සවය අබුජා අගනුවර 5,000ක ධාරිතාවකින් යුත් ඊගල් චතුරශ්‍රයේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ පැවැත්විණි.
මේ වෙනුවෙන් ජාතික නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරන ලද අතර ආරාධනාවකින් තොරව පැමිණි නයිජීරියානුවන්ට උත්සවයෙන් ඉවත්ව සිටින ලෙස දැනුම් දී ඇත.
විශේෂයෙන්ම එරට විරුද්ධ පක්ෂ අතර මැතිවරණ ප්‍රතිඵල ගැන විවාද කර තිබූ නිසා නොසන්සුන්තාවක් ඇති වේ යැයි බියක්ද තිබුණි.
සිය සමාරම්භක කතාවේදී, ටිනූබූ නයිජීරියානුවන්ට පැවසුවේ ඔහුගේ දිවුරුම් දීම "උතුම් මොහොතක්" බවයි.