වත්මන් ප්රවණතා නොවෙනස්ව පැවතුනහොත් එක්සත් රාජධානියේ මෙම මාසය අවසන් වනවිට ඔමික්‍රෝන් රෝගීන් මිලියනයකට වඩා වැඩි වනු ඇති බව රටේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසයි.
කෙසේ නමුත් බූස්ටර් එන්නත් මගින් රෝග ලක්ෂණ ආසාදනයට එරෙහිව 70-75% ආරක්ෂාවක් සපයන බවද ඔවුන් සඳහන් කළේය.
"ප්‍රාථමික දත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ නව ප්‍රභේදයට එරෙහිව ඵලදායිතාව බූස්ටර මාත්‍රාවකින් පසු මුල් කාලපරිච්ඡේදය තුළ සැලකිය යුතු ලෙස වැඩි වන බවයි. රෝග ලක්ෂණ සහිත ආසාදනයට එරෙහිව 70-75% පමණ ආරක්ෂාවක් ඉන් සැපයෙනවා" එම ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.