තායිලන්තයේ හමුදා පුහුණු හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි නියමුවන් දෙදෙනාම මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ලොප් බුරි පළාතේ හමුදා ගුවන් සේවා මධ්‍යස්ථානයේ සිට පුහුණු ගුවන් ගමනේදී අනෙකුත් හෙලිකොප්ටර් සමග පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරය ගිනිගෙන අසල නැකොම් සවාන් ප්‍රදේශයට කඩා වැටී ඇති බව හමුදා මූලාශ්‍ර පෙන්වා දෙයි.
අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මුදාගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ඇත.