එලොන් මස්ක් විසින් ට්විටර් ලෝගෝව ප්‍රතිසන්නාමගත කරමින්, එහි වෙබ් අඩවිය X.com ලෙස වෙනස් කිරීමත් සමග ඉන්දුනීසියාව මෙම වෙබ් අඩවිය සිය රට තුළ තහනමට ලක්කර තිබේ.
මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ මෙම වෙබ් අඩවියට අදාළ ඩොමේන් නාමය එරට තුළ නීතියෙන් අවසරයක් නොමැති අන්තර්ගතයන් හා බැඳෙන බවයි.
එහිදී, සෘජුවම අමාත්‍යාංශය මේ තහනමට හේතුව නීතියෙන් අවසරයක් නොමැති අන්තර්ගතයන් පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකර නොමැති වුවත්, අල්-ජසීරා පුවත් ඒජන්සිය පවසන්නේ, වැඩිහිටියන්ට පමණක් වූ හෝ සූදුව සම්බන්ධ අන්තර්ගතයන් ලෙස සැලකෙන සෘණාත්මක අන්තර්ගතයන් හා මෙම ඩොමේන් නාමය බැඳීම හේතුවෙන් එය තහනමට ලක්ව ඇති බවයි.