ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් වත්මන් රුසියානු යුක්රේන යුද්ධයේදී යුක්රේනයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනාගැනීමේ සටනක නිරත වී තිබේ.
කෙසේ වෙතත්, මෙහිදී යුක්රේනයේ යුද ඉලක්ක සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ට්‍රම්ප් ඉදිරිපත් වී නොමැති අතර, ඒ වෙනුවට රාජතාන්ත්‍රික විසඳුමකින් ගැටුම් අවසන් කළ යුතුව ඇති බව අවධාරණය කර ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා ට්‍රම්ප් සහ ජොන්සන් රාත්‍රී ආහාරවේල එක්ව ලබාගෙන ඇති අතර, මෙම අවස්ථාවේදී දෙදෙනා අතර සාකච්ඡාව සිදුව තිබේ.