ගගනගාමීන් වන ෆෙයි ජුන්ලොන්ග්, ඩෙන්ග් කින්ග්මින්ග් සහ ෂැන්ග් ලූ චීනයේ ෂෙන්ෂෝ-15 අභ්‍යවකාශ පියාසර මෙහෙයුම සඳහා සූදානමින් සිටින බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය (CMSA) පවසයි.
මීට වසර 17කට පෙර ෂෙන්ෂෝ-6 මිනිසුන් සහිත පියාසර මෙහෙයුමට සහභාගී වූෆෙයි, මෙවර ෂෙන්ෂෝ-15 හි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරනු ඇත. CMSA හි ප්‍රකාශක ජී කිමින්ග්ට අනුව, ඔහු සමඟ පළමු වැනි වරට ඩෙන්ග් සහ ෂැන්ග් යන ගගනගාමීන්ද මෙහෙයුමට සම්බන්ධ වෙයි.
ඒ අනුව, අඟහරුවාදා චීනයේ බීජිං වේලාවෙන් රාත්‍රී 11.08ට ෂෙන්ෂෝ-15 අභ්‍යවකාශ යානය දියත් කෙරෙනු ඇත.
චීන ගගනගාමීන් තිදෙනා ඉන්පසුව මාස 6ක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින අතර, නැවත පෘථිවියට යාමට සූදානම් වන ෂෙන්ෂෝ-14 කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනා වන චෙන් ඩොන්ග්, ලියු යැන්ග් සහ කායි ෂුසේ සමග කෙටි කාලයක් අභ්‍යවකාශයේ ගතකරනු ඇත.
ප්‍රථම වරට චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ වැඩසටහන නව මානයකට යොමු කරමින් ෂෙන්ෂෝ අභ්‍යවකාශ යානා දෙකක් සමගාමීව ක්‍රියාත්මක වෙයි.