ලෝක සාමය වෙනුවෙන් චීනය සමග එක්ව වැඩ කරන්න යැයි චීන ජනාධිපති ෂී ජින්පිං උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට පවසා තිබේ.
උතුරු කොරියාවේ පියොංයැන්ග් අගනුවර සංචාරය කරමින් චීන නායකයා මෙසේ පවසා ඇත්තේ, නායක කිම් ජොන්ග් උන් හමුවූ අවස්ථාවේදීය.
මෙම සංචාරයට එක්වූ චීන ජනාධිපතිවරයා ප්රමුඛ දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට උතුරු කොරියානු නායකයා කටයුතු කර ඇත.
එහිදී, සාමය වෙනුවෙන් වූ චීන ජනාධිපතිවරයාගේ යෝජනාවට උතුරු කොරියානු නායකයා කැමැත්ත පළ කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.