ෂෙන්ෂෝ-13 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන්වී, එහි රැඳී සිටින ගගනගාමීන් තිදෙනා මේ වනවිට පෘථිවිය සමීපයට පැමිණ තිබේ.
ඒ අනුව, ෂෙන්ෂෝ-13 හි පෘථිවිය වෙත යළි ඇතුල්වීමේ කැප්සියුලයේ පැරෂුටය උතුරු චීනයේ මොංගෝලියානු කලාපය වෙත සාර්ථකව ගොඩබැසීමක් සිදුවන බව කියයි.
චීන ගගනගාමීන් වන ෂායි ෂිගාන්ග් (අණදෙන නිලධාරී), වැන්ග් යාපිං සහ යේ ගුවාංෆු රැගත් ෂෙන්ෂෝ-13 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය බීජිං වේලාවෙන් සෙනසුරාදා අලුයම 12:44ට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන් විය.
මෙම තිදෙනා දින 183ක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය වන ටියාන්හේ මොඩියුලය තුළ ජීවත් වූ අතර, චීන ගගනගාමීන් තනි මෙහෙයුමකදී අභ්‍යවකාශයේ රැඳී සිටි දීර්ඝතම අවස්ථාව මෙය විය.
වෙන්වීමට පෙර, ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථාන සංකීර්ණයේ තත්ත්වය සැකසීම, පරීක්ෂණ දත්ත වර්ග කිරීම සහ ඩවුන්ලෝඩ් කිරීම, කක්ෂයේ තබා ඇති සැපයුම් නිෂ්කාශනය කිරීම සහ මාරු කිරීම වැනි විවිධ කාර්යයන් සිදු කර ඇති අතර, භූමියේ සිටින කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව ඒවා සිදුවූ බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
මෙම චීන ගගනගාමීන් තිදෙනා ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානයෙන් පැමිණ 2021 ඔක්තෝම්බර් 16 වැනි දින ටියාන්හේ වෙත ඇතුළු විය. ඔවුන් පසුගිය මාස කිහිපය තුළ බාහිර ක්‍රියාකාරකම් දෙකක්, සජීවී විද්‍යා දේශන දෙකක්, තාක්ෂණික අත්හදා බැලීම් සහ යෙදුම් ව්‍යාපෘති ඇතුළු විවිධ මෙහෙයුම් සහ කාර්යයන් සම්පූර්ණ කර ඇත.