චීනයේ ටෙලිකොම් දැවැන්තයෙකු වන හුවාවේ සමග සහයෝගයෙන්, බංග්ලාදේශයේ රාජ්ය ජංගම දුරකථන ක්රියාකරුවෙකු වන ටෙලිටෝක් හරහා 5G නොහොත් පස්වැනි පරම්පරාවේ ජංගම සේවා ආරම්භ කළ බව බංග්ලාදේශ අග්රාමාත්ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කටයුතු උපදේශක පවසයි.
මීළඟ පරම්පරාවේ සේවාවන් දියත් කිරීමත් සමග රටේ තෝරාගත් ස්ථානවල ජංගම දුරකථන භාවිත කරන්නන්ට සාපේක්ෂව අඩු මිලකට ඔවුන්ගේ ජංගම දුරකථන හරහා අධිවේගී 5G අන්තර්ජාල ප්රවේශය දැන් හිමිවන බව කියයි.
හුවාවේ බංග්ලාදේශ් සමාගම විසින්, 5G ජාල යෙදවීම සඳහා ටෙලිටෝක් වෙත යටිතල පහසුකම් සහ තාක්ෂණික සහාය ලබාදී ඇත.
හුවාවේ බංග්ලාදේශ් ප්රධාන තාක්ෂණික නිලධාරී කෙවින් ෂූ පැවසුවේ, "4G ජීවිතය වෙනස් කර තිබෙනවා. 5G සමාජය වෙනස් කරනු ඇති. ඒ ගමන සඳහා මෙම ප්රධාන මුලපිරීමේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා." යනුවෙනි.