චීනයේ පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.5%ක් වනු ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
එම කාර්යාංශය පෙන්වා දෙන්නේ සියලුම අංශවල ශක්තිමත් වර්ධනයක් දක්නට ලැබෙන බවයි.
මේ අතර, රොයිටර් විසින් සිදුකරන ලද සමීක්ෂණ දත්තවල දැක්වුණු 4%ක වර්ධනය හා සැසඳීමේදී මෙම තත්ත්වය තවදුරටත් කැපී පෙනෙන වර්ධනයකි.