2021 අවසානයේදී චීනයේ ඩිජිටල් යුවාන් ගනුදෙනු යුවාන් බිලියන 87.57 (එක්සත් ජනපද ඩොලර් බිලියන 13.78) ට ආසන්න වෙමින්, එරට මහ බැංකුවේ ඩිජිටල් මුදල් පිළිබඳ පර්යේෂණ සහ නියමු භාවිතය වේගවත් කර තිබේ.
ඩිජිටල් යුවාන් සඳහා පුද්ගලික මුදල් පසුම්බි මිලියන 261ක් විවෘත කර ඇති අතර, නියමු අවස්ථා සංඛ්‍යාව මිලියන 8.08ක් ඉක්මවා ඇති බව චීන මහජන බැංකුවේ නිලධාරියෙකු මාධ්‍ය හමුවකදී පැවසීය.
මහ බැංකුව ඩිජිටල් ෆියට් මුදල් නොහොත් e-CNY පර්යේෂණ සහ සංවර්ධනය දිගටම ප්‍රවර්ධනය කරන බවත් සිල්ලර සේවා, රාජ්‍ය සේවා සහ වෙනත් අවස්ථාවලදී e-CNY නියමු භාවිතය තවදුරටත් පුළුල් කරන බවත් ඔහු පැවසීය.