ඊශ්‍රායල් හමුදාව විසින් ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් කිහිපයක් ආරම්භ කර ඇති අතර, මේ දක්වා ගාසා තීරයේ වැසියන් 5,000කට වැඩි පිරිසක් ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරේ.
මේ අතර, ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියේ ගෙවුණු පැය 24 තුළ සිදුවූ බෝම්බ හෙළීම්වලින් පමණක් පුද්ගලයන් 400කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
මේ අතර, ගාසා තීරයේ රෝහල්වලට අවශ්‍ය බෙහෙත් සහ සැපයුම් නොමැතිවීම හේතුවෙන්ද මරණ වැඩිවී ඇති අතර, ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල උග්‍ර හිඟයක් පවතින බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, හමාස් සංවිධානය විසින් ආරම්භ කළ මෙම ගැටුමේදී ඊශ්‍රායලය වෙත එල්ල වූ ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකන බටහිර රාජ්‍යයන් මේ වනවිටත් ඊශ්‍රායලය වෙත සහාය පළ කර ඇති අතර, ඇමෙරිකානු ජනාධිපතිවරයා, ඇතුළු බටහිර රාජ්‍ය නායකයන් රැසක් ඊශ්‍රායලය වෙත පැමිණීමෙන්ම එම සහාය පළ කර ඇත.