මධ්‍යම ඒජියන් මුහුදේ ග්‍රීක දූපතක් වන ලෙස්බොස් ඔබ්බෙන් ගිලී ගිය යාත්‍රාවක සිටි පුද්ගලයින් 40දෙනෙකු අතර අවම වශයෙන් සංක්‍රමණිකයන් 15දෙනෙකු මිය ගොස් තිබේ.
හෙලනික් වෙරළාරක්ෂක බලකාය වාර්තා කළේ ඔවුන් මේ වන විට පුද්ගලයින් පස් දෙනෙකු බේරාගෙන ඇති බවය.
වෙරළාරක්ෂක යාත්‍රාවක් සහ ගුවන් හමුදා හෙලිකොප්ටරයක් එම ප්‍රදේශයේ දැඩි සුළං මධ්‍යයේ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරන අතර, මියගිය පිරිස වැඩිවිය හැකි බවද පවසා තිබේ.
මීට පෙර සිදුවීමකදී, ග්‍රීක බලධාරීන් විසින් බදාදා දකුණු ග්‍රීසියේ කිතිරා දූපත අසල කුණාටු සහිත ජලයේ ගල් සහිත ප්‍රදේශයක ගැටීමෙන් පෙරලී ගිය බෝට්ටුවක සිටි සංක්‍රමණිකයන් 30දෙනෙකු බේරා ගන්නා ලදී.