ග්‍රීක අගමැති කයිරියාකොස් මිට්සොටාකිස් විසින් විපක්ෂ නායකයාගේ දුරකථනය ටැප් කිරීමේ මෙහෙයුමකට හවුල් වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දැඩි විවේචනයකට සහ ජනතා අප්‍රසාදයකට පත්ව තිබේ.
මධ්‍ය-වාම PASOK පක්ෂයේ නායක නිකොස් ඇන්ඩ්රොලාකිස්ගේ ජංගම දුරකථනයට ග්‍රීක රහස් ඔත්තු සේවා විසින් සවන් දී ඇති බව අනාවරණය වීමෙන් පසුව, නියමිත කාලයට සතියකට පෙර පාර්ලිමේන්තුව නැවත කැඳවීමට මන්ත්‍රීවරුන් ඇතන්ස් වෙත ආපසු කැඳවා තිබේ.
PASOK ප්‍රකාශක, දිමිත්රිස් මැන්ට්සෝස් පැවසුවේ, "ඇන්ඩ්රොලාකිස් මුහුණ දී සිටින දේශපාලන පීඩනයට අමතරව, පුද්ගලයෙකුට, ස්වාමිපුරුෂයෙකුට, සාමාන්‍ය පුරවැසියෙකුට, ඔහුගේ පවුලට සහ ඔහු වටා සිටින පුද්ගලයින්ටද මෙමගින් සිදුකර ඇති හානිය අතිමහත්. එබැවින් අපි වහාම පාර්ලිමේන්තුව කැඳවීමක් ඉල්ලා සිටියා." යනුවෙනි.
මෙම සැකයන් පිළිබඳව ඔහුට දැනුම් දීමෙන් පසු ජංගම දුරකථන ටැප් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඇන්ඩ්රොලාකිස් ග්‍රීසියේ ශ්‍රේෂ්ඨාධිකරණයට දින දහයකට පෙර චෝදනා ගොනු කිරීමෙන් පසුව මෙම සොයාගැනීම සිදුවිය.
කෙසේ වෙතත්, දුරකථනවලට සවන්දීම ප්‍රසිද්ධියට පත්වී මිනිත්තු කිහිපයක් ඇතුළත රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා ඉල්ලා අස්විය.