මෙම වසර අවසානය වනවිට කොවිඩ්-19 වසංගතය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස නොසලකනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ටෙඩ්රොස් අද්නොම් ගෙබ්‍රයේසුස් පවසයි.
මිචිගන් විශ්වවිද්‍යාලයේ දේශනයක් අතරතුර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙම සුබදායී පණිවුඩය ලෝකය හමුවේ තැබීය.
ගෝලීය සෞඛ්‍ය යහ පැවැත්ම වෙනුවෙන් ටෙඩ්රොස් සිදුකරනු ලැබූ කාර්යභාරය වෙනුවෙන් එම විශ්වවිද්‍යාලය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට තෝමස් ෆ්‍රැන්සිස් ජූනියර් කුසලානය පිරිනැමීමද සිදුවිය.
එහිදී ටෙඩ්රොස් විශ්වාසය පළකර සිටියේ, මෙම වසරේ යම් අවස්ථාවක කොවිඩ්-19 වසංගතයේ ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය අවසන් බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමට හැකිවනු ඇති බවය.