කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් ලොව පුරා මේ වනවිට 1,500,000 ඉක්මවා ඇති බව මුලින් වාර්තා වුවත්, එම අගය තවමත් 1,484,811ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා පුද්ගල මරණ 88,538ක් ලොව පුරා වාර්තා වන බවද සඳහන් වෙයි.
මේ අතර කොවිඩ්-19 ආසාදනය වී රෝහල්ගතව සිට පූර්ණ සුවය ලබා ඇති පිරිස 329,492ක් බවද එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ලොව ප්‍රමුඛම මාධ්‍ය ආයතන කිහිපයක්ම මේ වනවිටත් පෙන්වා දෙන්නේ දැනටමත් කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 15 සීමාව ඉක්මවා ඇති බවකි.