චීන රජයේ කොවිඩ්-ශුන්‍ය සීමාවන්ට එරෙහිව ජනයා විරෝධතා ඉහළ යමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
එරට සමාජ දුරස්ථභාවය බලාත්මක කිරීම සඳහා පිහිටුවා තිබූ බාධක බිඳදැමීමේ ස්වරූපයක් මේ වනවිට ඇතිවී තිබෙන අතර, රට පුරා නගර වීදිවලත්, විශ්වවිද්‍යාලවල මණ්ඩපවලත් විශාල විරෝධතාවන් පැනනැගී තිබේ.
එසේම ෂැංහයිහි ජනයා චීනයේ නායක ෂී ජින්පිංට ඉල්ලා අස්වන්නැයි බලකරනු ඇසීම කෙතරම් පුදුමයක් දනවන්නේදැයි බටහිර මාධ්‍ය ප්‍රශ්න කරයි.
කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා වන චීන නායකයා මෙලෙස ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සිර දඬුවම් පවා හිමිවිය හැකි වරදකි.