කෙන්යාව වනජීවී සේවයට (KWS) අනුව, කලාපයේ මිනිස්-වනජීවී ගැටුම උත්සන්න වීම හේතුවෙන් පසුගිය සතියේ දකුණු කෙන්යාවේ සිංහයන් 10දෙනෙකු මරා දමා තිබේ.
මෙය අසාමාන්‍ය ලෙස එකවරකදී සිංහයන් විශාල සංඛ්‍යාවක් මරා දමා ඇති ඛේදනීය තත්ත්වයක් බව එම වනජීවී සේවය පවසයි.
මෙම සතිය මුලදී වයස අවුරුදු 19ක් වන අප්‍රිකාවේ පැරණිතම සිංහයෙකු වන ලූන්කිටෝ මරා දැමූ බව සත්ත්ව ආරක්ෂණවේදීන් ප්‍රකාශ කිරීමෙන් පසු මෙම සිදුවීමද වාර්තා විය.
විශේෂයෙන්ම ආහාර සොයාගෙන මෙම සිංහයන් ගම්වැදීමත් සමග ඔවුන්ගේ පශුසම්පත් ආරක්ෂා කර ගැනීමට මිනිසුන් එම සතුන් මරා දමන ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.