බ්රසීලයේ ඇමසන් වනාන්තරයේ පිහිටි ස්වදේශික භූමි ප්රදේශවල පතල් කැණීමට ඉඩ සලසන PL 191 නමැති කැනීම් පනත කෙටුම්පත හකුලා ගන්නා ලෙස රජයට බල කරමින්, එරට ආදිවාසීහු දහස් ගණනක් බදාදා බ්රසීලියාවේ ජාතික කොංග්රසය දෙසට පෙළපාලියකින් ගමන් කළහ.
බ්රසීලයේ විශාලතම ස්වදේශික රක්ෂිතයේ, යානෝමාමි ප්රදේශයේ නීතිවිරෝධී පතල් කැණීම පසුගිය වසරේ 46%කින් ඉහළ ගොස් ඇති අතර, එය රෝග ඇති කිරීමටත්, වනාන්තර අහිමි කරමින් ඉඩම් අයිතිකර ගැනීමටත්, ප්රාදේශීය ගෝත්රික කණ්ඩායම් අතර ප්රචණ්ඩ ගැටුම් වැඩි කිරීමටත්, මානව හිමිකම් කඩ කිරීමටත් හේතු වී ඇති බව සඳහන් වෙයි.
ආදිවාසී නායකයින් පැවසුවේ ආදිවාසී රක්ෂිතවල නීති විරෝධී කැණීම් සහ වන විනාශය පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බවය. කෙසේ වෙතත් මෙම වන විනාශයට සෘජුවම මැදිහත්ව ඇති බ්රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ කියා සිටියේ ආදිවාසී ප්රජාවන් රටේ සංවර්ධනයට බාධා කරන බවයි.