ඔපෙක් තෙල් නිෂ්පාදක කණ්ඩායම පසුගිය සතියේ සිය සැපයුම් පාලනය කිරීමට ගත් තීරණයත් සමග තෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ.
මෙම තත්ත්වය ගෝලීය ආර්ථිකය අවපාතයකට තල්ලු කළ හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අනතුරු ඇඟවීය.
"ආර්ථිකයේ දැඩි පිරිහීම සහ සැපයුම කපා හැරීමේ ඔපෙක් සැලැස්ම මගින් පැන නගින තත්ත්වය තුළ ඉහළ මිල ගණන් ලෝක තෙල් ඉල්ලුම මන්දගාමී කරයි"එක්සත් ජනපදය සහ අනෙකුත් ඉහළ පාරිභෝගික රටවල් ඇතුළත් පැරිස් පදනම් කරගත් ඒජන්සිය පැවසීය.