පලස්තීන තුවක්කුකරුවෙකු අඟහරුවාදා අගභාගයේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයෙන් පිටත මගීන් සහ වාහන ඉලක්ක කරමින් සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 5දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙය, සතියක් වෙඩි තැබීමක් හෝ පිහි ප්‍රහාරයක් හේතුවෙන් ඊශ්‍රායල් ජාතිකයන් ජීවිතක්ෂයට පත්වූ තෙවැනි අවස්ථාව වන අතර, මේ සමගම රට පුරා සිය අනතුරු ඇඟවීමේ මට්ටම "උපරිම" මට්ටමට ඉහළ නැංවීමට පොලීසිය කටයුතු කර ඇත.
ටෙල් අවිව් හි ජනාකීර්ණ උපනගරයක් වන බ්නේයි බ්රාක් නගරයේ ඇති වූ මෙම සිද්ධියේදී වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිසිය සහ ඊශ්‍රායල ජාතික හදිසි වෛද්‍ය සේවය තහවුරු කරයි.
මීට පෙර සිදුකරන ලද ප්රහාරයන්හි වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබුණද, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.