ඉරානයේ ජ්‍යෙෂ්ඨතම ආගමික නායකයෙකු වන අබ්බාම් අලි-සොලෙයිමනී එරට බබොලේසාර් නගරයේ බැංකුවක් තුළ වෙඩි තබා ඝාතනය කර තිබේ.
මැසන්ඩාරන් පළාතේ පොලීසිය විසින් මෙම අවස්ථාවේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීම කුමන හේතුවක් තුළ සිදුකළේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.
ඉරානයේ රාජ්‍ය ප්‍රතිපත්ති සලකා බලන ආගමික නායකයන් 88දෙනෙකුගෙන් සුසැදි කමිටුවේ සාමාජිකයෙකු වන අබ්බාම් ඝාතනයට ලක්වනවිට 70 වැනි වියෙහි පසුවිය.