ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ පසුගිය නොවැම්බර් 21 වැනි දින ඇති වූ භූ කම්පනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 5.6ක ප්‍රභලත්වයකින් යුතු භූ කම්පනයක් ලෙස සටහන් වූ අතර, එයින් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබූ අතර, විශාල දේපොළ හානි ප්‍රමාණයක්ද සිදුවිය.
කෙසේ වෙතත්, මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳ බලාපොරොත්තු අවසන් වී ඇති අතර, තවදුරටත් සුන්බුන් ඉවත් කරමින් තිබුණත් ජීවතුන් අතර සිටිය හැකි පිරිස් ගැන අපේක්ෂාවක් පමණක් තිබෙන බව බලධාරීන් පවසයි.