ඇෆ්ගනිස්ථානයේ බෑන්ඩ්-ඊ-අමීර් ජාතික උද්‍යානය රටේ ප්‍රථම කාන්තා වනෝද්‍යාන රකින නිලධාරින් සේවයේ යොදවා තිබීම නිසා ප්‍රසිද්ධියට පත්වූවක් වුවත්, දැන් එය කාන්තාවට තහනම් කලාපයක් කර තිබේ.
එරට පාලනය ගෙනයන තලේබාන්වරු රට පුරා සිය මර්දනකාරී පාලනය ගැඹුරු කරමින්, කාන්තාවන්ට එහි වැඩ කිරීමට හෝ එය බැලීමට පවා ඉඩ නොදෙන බව පවසා ඇත.
රටේ දුප්පත්ම සහ අඩු සංවර්ධිත කලාපයක් වන මධ්‍යම බාමියන් පළාතේ පිහිටි ජනප්‍රිය උද්‍යානය නැරඹීමට කාන්තාවන්ට තවදුරටත් නොහැකි බව ඇෆ්ගනිස්ථානයේ ගුණධර්ම ප්‍රචාරණය සහ උපද්‍රව වැළැක්වීමේ අමාත්‍ය මොහොමඩ් කාලිඩ් හනාෆි නිවේදනය කළේය.
USAID සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සහයෝගයෙන් ප්‍රාදේශීය ඇෆ්ගනිස්ථාන රජය විසින් 2019 දී පිහිටුවන ලද මෙම උද්‍යානය කඳු වලින් වට වූ ගැඹුරු නිල් විල් සහිත සාමකාමී ක්ෂේම භූමියක් ලෙස සැලකේ.